19 ක් මුදා ගැනෙති



සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පසුවුණු සිරියානු සිවිල් වැසියන් 19 දෙනකු මුදා ගැනීමට සිරියානු රජයේ හමුදාව සමත් වී ඇතැයි එරට පුවත් සේවා වාර්තා කළේය.

මුදාගත් එම පිරිස අතර කාන්තාවන් සහ කුඩා දරුවන් ද සිටින බව පැවැසෙයි. ත්‍රස්තවාදීන් මෙම පිරිස අල්ලාගෙන ඇපයට ගෙන තිබෙන්නේ, සුවෙයිඩා පළාත ආක්‍රමණය කළ අවස්ථාවේදීය. ඒ පසුගිය ජූලි මාසයේදී යැයි ද වාර්තා වේ.

මුදා ගනු ලැබූ වැසියන් සිරියාවේ දෘස් නමැති සුළු ජාතිකයන්ය. පසුගිය ජූලි මාසයේ දී මෙම දෘස් වැසියන් 30 දෙනකු ත්‍රස්තවාදීන් විසින් පැහැර ගෙන යනු ලැබූ බව වාර්තා වේ. බේරා ගැනීමට හැකිවුණු බව පැවැසෙන්නේ ඔවුන්ගෙන් 19 දෙනකුය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS