18 ක් හොරෙන් ගෙනියන්න හදලා



විදේශ ශ්‍රමිකයන් පිරිසක් නීතිවිරෝධි ආකාරයෙන් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට රැගෙන යෑමට උත්සහ කර ඇති බව වාර්තා වේ.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට ඇතුළු වීමට පැමිණි ට්‍රක් රථය තුල සැඟ වී සිටි කාන්තාවන් ඇතුළුව විදේශ ශ්‍රමිකයන් දහ අටදෙනෙක්අල්-අයින් නගරයේ කටම් අල්-ෂක්ලා දේශසීමා මුරපොලේ රාජකාරි කටයුතුවල නිරතව සිටි රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අබුඩාබි පොලිසිය සහ අබුඩාබි රේගු අධ්‍යක්ෂ කාර්යාලය මිනිස් ජාවාරම් මැඩලීම සඳහා විශාල කාර්යභාරයක් සිදුකරමින් සිටින අතර නිරන්තරයෙන් හදිසි වැටලීම් සහ සෝදිසි කිරීම් සිදුකරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS