17 අඩුනම් විවාහ වෙන්න බෑ



වයස අවුරුදු 17 අඩු ගැහැනු ළමයින් සම්බන්ධ විවාහ ගිවිසුම් විවාහ නිලධාරියා අත්සන් නොකළ යුතු බවට සෞදි රජය නියෝග කර ඇත.

වයස අවුරුදු 10 දැරික් විවාහ වීම සම්බන්ධයෙන් සෞදි අධිකරණ අමාත්‍ය,වලීඩ් මොහොමඩ් අල්-සමානිගේ අවධානයට යොමු වී ඇත.

ළමා ආරක්ෂණ නීතිය උල්ලංඝනය කරමින් විවාහ ගිවිසුම අත්සන් කළ විවාහ නිලධාරියාට විරුද්ධව තීරණයක් ගැනීම සඳහාඅදාල විවාහ ගිවිසුම කම්කරු හා සමාජ සංවර්ධන අමාත්‍යවරයාගේ අවධානයට අධිකරණ අමාත්‍යවරයා යොමු කර ඇත.

ළමා ආරක්ෂණ නීතියට අනුව, තරුණ ගැහැණු ළමයෙක් විවාහ වනවිට මානසික සෞඛ්‍ය,ආරක්ෂාව, සෞඛ්‍ය සහ සමාජ ආධාර සහවාසස්ථානය පිළිබඳව ප්‍රමුඛස්ථානය ලබාදියයුතු වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS