17 කට සම්බාධක



කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් සෞදියට දොස් පවරා, ඉහළ පෙළේ සෞදි නිලධාරීන් සහ රජ පවුලේ සාමාජිකයන් 17 දෙනකුට සම්බාධක පැනැවීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත.

ජමාල් කශොග්ජී ඝාතනයට අදාල සැකකරුවන් පස් දෙනකු පසුගියදා අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර, ඔවුන්ට මරණ දඬුවම ලබා දීමට සෞදි බලධාරීන් කටයුතු කරන බව වාර්තා විය.

ජමාල් කශොග්ජී මරා දැමුණේ තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදීය. ඔක්තෝබර් දෙවැනිදා සිදුවුණු එම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට සෞදි රජය කටයුතු කළේය.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS