16 වැනි චන්ද්‍රකාවත් ගුවනට



සෞදි අරාබිය අභ්‍යාවකාශ ගත කරන ලද 16 වැනි චන්ද්‍රකාව පෙබරවාරි 05 දින අභ්‍යාවකාශ ගත කර ඇත.

අදාල චන්ද්‍රිකාව (Saudi Geostationary Satellite 1 )SGS-1 නමින් නම් කර ඇති අතර

මැද පෙරදිග, උතුරු අප්‍රිකානු සහ යුරෝපීය රටවල්වල විදුලි සංදේශ හැකියාවන්,ප්‍රබල අන්තර්ජාල සම්බන්ධතාවයන් මෙන්ම රූපවාහිනිය සහ ආරක්ෂිත සන්නිවේදනය තාක්ෂණය වැඩිදියුණු කිරීමේ අරමුණින් චන්ද්‍රකාව අභ්‍යාවකාශ ගත කර ඇත.

විද්‍යාත්මක හා තාක්ෂණය සඳහා  වන අබ්දුල්ලාසීස් රජු ආයතනයේ පරියේෂණ කණ්ඩායමක් චන්ද්‍රිකාව නිර්මාණය කර ඇත.

සියළුම කටයුතු සෞදි විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන් අතින් නිර්මාණය වීම විශේෂත්වයක් වන අතර මීට පෙර අවස්ථාවන් 15කදී චන්ද්‍රිකාවන් අභ්‍යාවකාශ ගත කිරීමට සෞදිය කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, ජෙඩ්ඩා නුවර)


RECOMMEND POSTS