1500 ක් අත්අඩංගුවට



කුවේටයේ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට දියත් කරන ලද විශාල මෙහෙයුමකින්පුද්ගලයින් 1500කට ආසන්න සංඛ්‍යාවක්අත්අඩංගුවට ගැනීමට කුවේට් ආරක්ෂක අංශ සමත් වු බව වාර්තා වේ.

පුද්ගලයින්ව පරීක්ෂා කිරීම සඳහාවිවිධ ප්‍රදේශවල මුරපොළවල් ස්ථාපිත කර ඇති අතර වරදිකරුවන් 531ක් සහ පදිංචි පනත උල්ලංඝනය කළ පුද්ගලයින් 905ක් අත්අඩංගුවට ගැනීමට කුවේට් ආරක්ෂක අංශ සමත් වී ඇත.   

මත්ද්‍රව්‍ය සහ මත්පැන් නඩු වලට සම්බන්ධ පුද්ගලයින් 114 දෙනෙකු අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර සිටින බවත් මෙවැනි ආකාරයේ වැටලීම් තවදුරටත් සිදුකරන බව කුවේට් ආරක්ෂක අංශය ප්‍රකාශ කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරුබ්-ටයිම්ස්-ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS