15 කට මරණ දඬුවම



අයි.එස් සංවිධානයට සම්බන්ධව කටයුතු කළ බවට චෝදනා එල්ල වී ඇති තුර්කි කාන්තාවන් 15 දෙනෙකුට ඉරාක අධිකරණයක් විසින් මරණ දඩුවම නියම කර ඇත

විදෙස් වාර්තා පවසන්නේ කාන්තාවන් 16 දෙනෙකුට අදාල චෝදනාව එල්ල වී ඇති අතර ඉන් එක් අයෙකුට ඉරාක අධිකරණය විසින් ජිවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කර ඇති බවය.

මෙම කාන්තාවන් අයි.එස් සටන්කාමින් විවහා කර ගැනීම  සහ ත්‍රස්තවාදි සංවිධාන සඳහා ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල ව ඇත.

 මෙලෙස මරණ දඩුවම නියම වී ඇත්තේ වයස අවුරුදු  20- 50  වයස් කාණ්ඩවල පසුවන පිරිසකට බව විදෙස් වාර්තා කළේය.

( තිළිණි  ද සිල්වා )
ෆොක්ස් නිව්ස්  ඇසුරෙනි .

RECOMMEND POSTS