14,000 කට නීත්‍යානුකූලභාවය



සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද දින 25ක පොදු සමාකාලය තුල නීතිවිරෝධි ආකාරයෙන් කුවේට් රාජ්‍යය තුල රැදී සිටි විදේශ ශ්‍රමිකයින් 14,000කටනීත්‍යානුකූලභාවය මේ වනවිට හිමි වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

පොදු සමාකාලයෙන් ඉන්දියානුවන් වැඩි පිරිසක් ප්‍රතිලාභ හිමි කරගෙන ඇති අතර නීතිවිරෝධි ආකාරයෙන් විසා නොමැතිව කුවේටයේ රැදී සිටින බංගලිදේශ ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව 25,000 ඉක්මවා ඇති බව වාර්තා වේ.

නීතිවිරෝධි විදේශ ශ්‍රමිකයින්කුවේටයෙන් පිටවීමේදි පැනනැගී ඇති ප්‍රශ්නකාරි තත්ත්වය හේතුවෙන් පොදු සමාකාලය දින කීපයකින් දීර්ඝ කිරීමට කටයුතු කරන බව කුවේට් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ අභ්‍යයන්තර කටයුතු අමාත්‍ය, ෂයික් කලීඩ් අල්-ජරා ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS