14 වන ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රදර්ශන



ඩුබායි නුවර පැවති 14වන ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රදර්ශන හා සම්මේලනයේ සමාරම්භක උත්සවයට ඩුබායි පාලකය ඇතුලු පිරිසක් සහභාගි වී ඇත.

5වන නාවික සහ සාගර ආරක්ෂණ ප්‍රදර්ශණයද 14වන ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රදර්ශන හා සම්මේලනට සමගාමීව සංවිධානය කර ඇත.

එමිරේට්ස් උප-ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ ඩුබායි පාලක, ෂයික් මොහොමඩ් බින් රෂීඩ් අල්-මක්ටුම් සහ අබුඩාබි ඔටුන්න හිමි කුමරු සහ ආරක්ෂක ප්‍රධානි, ෂයික් මොහොමඩ් බින් සෙයිඩ් අල්-නහියන් සහභාගි වී ඇත.

බංගලිදේශ අගමැතිනි, ෂයික් හසීනා ඇතුළුව රාජ්‍ය නායකයන් සහ උසස් නිලධාරීන් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS