13,000ක් කැමරාවෙන් අල්ලයි



අබුඩාබි මාර්ගවල සවිකර ඇති රතු ආලෝක මාර්ග සංඥා උල්ලංඝනය කිරීම් වලට සම්බන්ධ රියදුරන් 13,000ක්2017 වසර තුල නීතියේ රැහැනටකොටු කරගැනීමට අබුඩාබි පොලීසිය සමත් වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

රතු ආලෝක මාර්ග සංඥා උල්ලංඝනය කිරීම් වලට සම්බන්ධයෙන් රියදුරන් මෝටර් රථ ධාවනයේදි මීට වඩා සැලකිලිමත් විය යුතු බව අබුඩාබි මධ්‍යම මෙහෙයම් දෙපාර්තුමේන්තුවේ රථවාහන පාලන අධ්‍යක්ෂ, බ්‍රිගේඩියර් අහමඩ් අල්- ෂහි ප්‍රකාශ කළේය.

රථවාහන නීතිය අනුව රතු ආලෝක මාර්ග සංඥ උල්ලංඝනය කරන රියදුරන්ට එමිරේට් ඩිරාම් 1,000ක දඩමුදලක්ද, රියදුරන්ගෙන් පොයින්ට් 12ක් අඩු කරන අතර දින 30කකාලසීමාවකට මෝටර් රථය පොලිස් භාරයේ රඳවාගන්නා බව අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS