116 ක් මරලා



සිරියාවේ රක්කා නගරය අයි.එස් ත්‍රස්තවාදීන්ට අහිමි වීමට පෙර අයි.එස් ත්‍රස්තයින් සාමාන්‍ය වැසියන් 116 දෙනෙකු සිරියානු කාන්තාර ප්‍රදේශයකදී මරා දමා බිහිසුණු මිනිස් ඝාතනයක් සිදුකරඇති බව සිරියාවේ රැදී සිටින යුධ නිරීක්ෂකයින් පසුගිය දා ප්‍රකාශ කළ බව ඇරබ්-ටයිම්ස්-ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

රජයේ හමුදාවන්ට සහයෝගය දැක්වු බවට චෝදනා කරමින් දින 21ක් ඇතුලත අල්-කයිරාටයින් කාන්තාර ප්‍රදේශයේදි සාමාන්‍ය වැසියන් සීයයකට වැඩි පිරිසක් අයි.එස් ත්‍රස්තවාදීන් මරා දමා ඇති බව මානව හිමිකම් සඳහා වන සිරියානු නිරීක්ෂකයින් සහ බ්‍රිතාන්‍ය පදනම් කරගත් යුධ නිරීක්ෂකයින් ප්‍රකාශ කළහ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරබ්-ටයිම්ස්-ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS