1,765ක් ආපසු යයි



එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ සේවය කළ පිලිපීන විදේශ ශ්‍රමිකයන් 1,765ක් 2018 ජනවාරි මාසයේ සිට මේ දක්වා පිලිපීනයට ගොස් ඇති බව පිලිපීන තනාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

එමිරේටය තුල සේවය කරන කාලය තුල විවිධ ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවීම හේතුවෙන් මෙම පිරිස පිලිපීනය බලා ගොස් ඇති අතර පිලිපීන ජාතිකයන් 1,014කට අවශ්‍ය සියළුම පහසුකම් ලබාදීමටපිලිපීන තානාපති කාර්යාලය කටයුතු කර ඇත.

පොදු සමා කාලය තුල 126 දෙනෙක් පිලිපීනය බලා පිටත්ව ගිය බවත් වැඩිම පිරිසක් පිලිපීනය ලබා පිටත්ව ගිය පස්වන අවස්ථාව මෙය බව පිලිපීන තානාපතිවරිය සඳහන් කළාය.

නීතිවිරෝධි ආකාරයෙන් රැදී සිටි විදේශි ශ්‍රමිකයන්ට සිය රටවල්වලට යෑමටත්, අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරදි කරගැනීමටත් නැවත මාස හයක කලයකට රැකියාවන සඳහා ඉල්ලුම් කිරීමට හැකිවන පරිදි 2018 අගොස්තු 01දින සිට 2018 ඔක්තෝබර් 31දින දක්වා පොදු සමාකාලයක් ලබාදීමට එමිරේට්ස් රජය පියවර ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS