''අලුත් ක්‍රමයට පුරුද‍ුවෙන්න’’ යැයි ජනපති ඉල්ලයි



ඉරානයේ කොවිඩ් - 19 හේතුවෙන් මියගිය සංඛයාව 2,640ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එරට සෞඛය අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.

පසුගිය පැය 24 තුළ මරණන 123ක් සිදුවවී ඇති අතර පුද්ගලයන් 2,901ක් ආසාදනය වී සිටියි. වාර්තා වී ඇති මුලු ‍රෝගීන් ගණන 38,309කි. වයිරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 12,391 දෙනෙකි.

සෞඛ්‍ය ආමාත්‍යාංශයේ ප්‍රකාශක කියුනුෂ් ජහාන්පූර් පවසන්නේ දැනට රෝගී වී සිටින පුද්ගලයන් 3,467 දෙනකුගේ තත්ත්වය අසාධ්‍ය බවයි.

ඉරාන ජනාධිපපති හසන් රුහානි ඉරාන වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ වසංගතය හේතුවෙන් ඇතිවී තිබෙන නව ජීවන රටාවට අනුවර්ථනය වන ලෙසයි.

''ප්‍රතිකාරයක් සොයාගන්නා තෙක් අපි වයිරසය සමග ජීවත්වීමට සූදානම් විය යුතුයි. නව පියවර සෑම දෙනාගේ ම ප්‍රයෝජනය සඳහා වනවා. අපේ ප්‍රධාන අරමුණ අපගේ ජනතාවගේ ආරක්ෂාව සහ යහපත් සෞඛ්‍යයි" යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.

මාර්තු 20 වැනි දින ආරම්භ වූ එරට සාම්ප්‍රදායික උත්සවයක් වූ පර්සියානු අලුත් අවුරුදු නිවඩු සඳහා යොදාගත් සංචාරක සැලසුම් අවලංගු කරන ලෙස රජය කරන ලද ඉල්ලිම් බොහෝ දෙනකු ප්‍රතික්ෂේප කර තිබිණි. එසේ වුව ද කොරෝනා ‍වයිරසය පැතිරීම වැඩිවීම හේතුවෙන් මේ වනවිට රජය නගර අතර සංචාරය කිරීම තහනම් කර ඇත.

ඉරාන රජය  සියලුම නිවැසියන්ට තම නිවසේම රැඳී සිටින ලෙස උපදෙස් දි ඇති අතර පාසල්, විශ්වවිද්‍යාල, සංස්කෘතික, ආගමික හා ක්‍රීඩා උත්සව හා තරඟ පැවැත්වීම ද තහනම් කර තිබේ.

 


RECOMMEND POSTS