සෞදිය-අරාබි එමීරය අල් කයිඩාවට ආයුද දීලා



සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය අල් කයිඩා ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ඉස්ලාමීය ත්‍රස්ත කල්ලිවලට ආයුධ ලබා දී ඇතැයි ඇමෙරිකාවේ සී.එන්.එන්. පුවත් සේවය අනාවරණය කර තිබේ.

යේමන යුද්ධයට සෞදිය සම්බන්ධ වී සිටින්නේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ද හවුල් කර ගනිමිනි. යේමනයේ සටන් පවතින්නේ සෞදි හමුදා සහ හවුති ෂියා මුස්ලිම් කැරැලිකරුවන් අතරේය.

සෞදිය වෙනුවෙන් අල් කයිඩා සංවිධානයට අයත් ත්‍රස්ත කල්ලි හවුති කැරැලිකරුවන්ට එරෙහිව සටන් වදින අතර, අවි ආයුධ ලබා දී මොවුන් ශක්තිමත් කරන්නේ සෞදිය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බව සී.එන්.එන්. පුවත් සේවය පෙන්වා දෙයි.

නිව්යෝක්හිදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS

RELATED POSTS