විදේශ මුස්ලිම්වරුන්ට උම්රා විවෘත වෙයි



විදේශ රටවල සිටින ඉස්ලාම් බැතිමතුන්ට උම්රා ආගමික වතාවත් සිදුකරගැනීම සඳහා අවසර ලබා දෙන බව සෞදි අරාබිය නිවේදනය කරනවා.

අද එනම් නොවැම්බර් 1 වනදා සිට අවසරය හිමි වන බව සෞදි අරාබියේ අල්-අරාබියා රූපවාහිනී නාලිකාව විකාශනය කර ඇත.

විදේශීය උම්රා වන්දනාකරුවන්ට සිය දේශසීමා වසා දැමීමට පෙබරවාරි මාසයේ දී සෞදි අරාබිය කටයුතු කළ අතර, මාර්තු මාසයේදී උම්රා ආගමික වතාවත් සම්පූර්ණයෙන්ම නතර කිරීමටද කටයුතු කළේ ය.

ජුලි මාසයේදී, සීමිත බැතිමතුන් පිරිසකට උම්රා ආගමික වතාවත්වලට අවසර ලබාදීමට සෞදි අරාබිය කටයුතු කළ බව අල්-අරාබියා රූපවාහිනිය සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)  

RECOMMEND POSTS