වසර පන් දහසකට වඩා පැරණි නගරයක් ඊජිප්තුවෙන් මතුවේ



ඊජිප්තුවේ වසර පන්දහසකට වඩා පැරණි වැළලී ගිය නගරයක් සොයා ගැනීමට එරට පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් සමත් වී තිබේ.

එම පුරාණ නගරය විශාල සුසාන භූමියකින්, නිවාස සංකීර්ණවලින් යුතු බව කැනීම් වලදී අනාවරණය වී ඇති අතර මැටියෙන් නිමවන ලද වළන්, විවිධ උපකරණ සහ මෙවලම් සොයා ගෙන ඇත.නයිල් නදියට බටහිරින් පිහිටි 'අබයිඩොස්' නගරයේ 'සේති' දෙවොල පිහිටි කලාපයේ දී මෙම නටබුන් සොයා ගත හැකි වූ බව පුරාවිද්‍යාඥයන් කණ්ඩායම පවසයි.

මේ වන විට කැනීම්වලින් අනාවරණය කරගෙන ඇති සොහොන් ගැබ් පහළොවක නෂ්ටාවශේෂ අධ්‍යනය කළ විශේෂඥයන් පවසන්නේ ඉතා ඉහළ ජීවන මට්ටමක් පවත්වාගෙන ගිය ප්‍රභූවරුන් මෙම සොහොන් ගැබ් තුළ තැන්පත් කර ඇති බවට සාධක හමු වී ඇති බවය.

පෞරාණික ඊජිප්තු ශිෂ්ටාචාරයේ සොහොන් ගර්භයන් නිර්මාණයේ නියැලුණු වාස්තු විද්‍යාඥයන් ජීවත් වූ කලාපයක් ලෙස මෙම ඉපැරණි නගරය හඳුන්වා දිය හැකි බව පුරාවිද්‍යාඥයන් කණ්ඩායම වැඩිදුරටත් කියා සිටී.

මෙය ඊජිප්තුවේ වසර 5,000ක් පමණ පැරණි නගරයක් වූ  මෙම නව සොයාගැනීම ගැනීමෙන් වසර 2011දී හොස්නි මුබාරක් බලයෙන් පහකිරීමත් සමග අඩපණ වූ ඊජිප්තු සංචාරක කර්මාන්තය යළි පණගැන්වීමට රුකුලක් වනු ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.

තිළිණි ද සිල්වා

බීබීසී ඇසුරෙනි......


RECOMMEND POSTS

RELATED POSTS