• 2017-01-18 00:00:00
  • ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.148.09 , විකුණුම් මිල රු.151.84
  • බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.177.75 , විකුණුම් මිල රු.183.89
  • යුරෝ යුරෝපය ගැනුම් මිල රු.156.10 , විකුණුම් මිල රු.162.10
  • ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.145.52 , විකුණුම් මිල රු.151.33
  • කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.64 , විකුණුම් මිල රු.116.08
  • ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.109.59 , විකුණුම් මිල රු.114.52
  • සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.18 , විකුණුම් මිල රු.106.98
  • ජපානය යෙන් ගැනුම් මිල රු.1.2916 , විකුණුම් මිල රු.1.3405

ඉරාක මාධ්‍යෙව්දිනියක් අතුරුදන් - ඇමති විවේනය කළාට පලිගැනීමක්ද කියා සැකයක් !




බී. බී. සී ඇසුරෙනි....

ඉරාකය තුළ සිදු වන අල්ලස් හා දූෂණයන්ට එරෙහිව හඬ නැඟූ ඉරාක මාධ්‍යවේදිනියක් අවි ගත් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් ඇති බව වාර්තා වේ.

 අෆ්රාහ් ෂෝව්කි අල්- ක්වයිසි නම් ඇය මෙසේ පැහැර ගැනීමට ලක්ව ඇත්තේ බැග්ඩෑඩයේ සයිදියා හි පිහිටි ඇයගේ නිවසේ දීය. ආරක්ෂක නිලධාරීන් බව පවසමින් එම තුවක්කුකරුවන් නිවසට ඇතුළුවී ඇති බව වාර්තා වේ.

මේ අතර ඇයව සොයා ගැනීමට සහ මුදා ගැනීමට ගත යුතු සෑම පියවරක්ම ගන්නා ලෙස අගමැති හයිදර් අල්- අබාදි ආරක්ෂක අංශ වෙත නියෝග කර ඇත.

අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයාව විවේචනය කරමින් අක්ලාම් වෙබ් අඩවියට ඇය විසින් ලියූ ලිපියක් ඇයව පැහැර ගැනීමට ආසන්නතම හේතුව වන්නට ඇතැයි එරට මාධ්‍ය අනාවරණය කරයි. තම දියණිය සමඟ රණ්ඩු කර ගත් සිසුවකුට දඬුවම් කිරීම ප්‍රතික්ෂේප කළ නසිරියා හි පාසලක විදුහල්පතිවරයකුට එම ඇමැතිවරයා විසින් බැණ වැදීම ඇය විසින් මේ ලිපියෙන් දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කර තිබේ.

43 හැවිරිදි ක්වයිසි, අෂර්ක් අල්-අව්සත් පුවත් පතේ සහ දේශීය වෙබ් අඩවි රැසක සේවය කරන්නියකි. එසේම ඇය ඉරාක සංස්කෘතික අමාත්‍යාංශයේ ද සේවය කරන අතර මානව හිමිකම් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ක්‍රියාකාරිනියකි.

මාධ්‍යවේදීන්ට වඩාත් භයානක රටක් ලෙස ඉරාකය හැඳින්වෙන අතර 2016 වසරේ දී පමණක් ඉරාකයේ දී ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් සංඛ්‍යාව හතකි. 


තිළිණි ද සිල්වා 

 


RELATED POSTS