කත මැරූ යුවළ පෝරකේට



කුවේටයේ සේවය කළ පිලිපීන ජාතික  ගෘහසේවිකාවක් මරා දමා  අධිශීතකරණයක දමා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලෙබනන් ජාතික හාම්පුතාට සහ සිරියා ජාතික ස්වාමිදුවට එරෙහිව කුවේට අපරාධ අධිකරණය විසින් මරණ දඩුවම නියම කර ඇත.

මෙම යුවළට එරෙහි නඩු විභාගය ඉකුත් ඉරිදා (01) කුවේට් අපරාධ අධිකරණය හමුවේ කැදවූ පළමු අවස්ථාවේදීම මෙලෙස මරණ දඩුවම නියම කිරීම විශේෂත්වයකි.

මහල් නිවසක ශීතකරණයකින් මෙම පිලිපීන් ජාතික ගෘහ සේවිකාව ගේ මරණය මිනීමැරැමත් බව හෙළිවූ අතර ඇය බවත් මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව ඇය මියයාමට පෙර ශීතකරණයට දමා වසා දමා ඇති බව තහවුරු කරගෙන ඇති බව කුවේට් පොලීසිය සිදුකළ පරීක්ෂණ වලදී හෙළිවිණිත

සැකකාර නිවැසියන්ගේ ඡායාරූප මාධ්‍ය ඔස්සේ පල කිරීමෙන් අනතුරුව ඔවුන්ට ප්‍රජාවගේ දැඩි විවේචන එල්ලවී තිබූ අතර ඔවුන් දෙපළ කුවේටයෙන් පළා යෑමට උත්සාහ කිරීමේදී පහසුවෙන් කොටුකර ගැනීමට කුවේට පොලීසියට හැකිවිණි.

මේ සිදුවීමෙන් අනතුරුව පිලිපීන් ජනාධිපතිවරයා කුවේටයේ සිටින 250,000 ක් වූ පිලිපීන ශ්‍රමිකයින් නැවත මව් රටට පැමිණෙන ලෙසට නියෝග කළ අතර  ඉන් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික ගැටුමකට මුලපිරීමක්ද විණි. මීට අමතරව විදේශ ලේකම් වරයා විශේෂ නිවේදනයක්  නිකුත් කරමින් ප්‍රකාශකර සිටියේ යුක්තිය ඉටු කිරීම සඳහා හැකි සෑම දෙයක්ම කුවේටයේ බලධාරීන් කළ යුතු බවය.ඒ අනුව කුවේට් බලධාරීන් ඒ සම්බන්ධයෙන් වගකීමෙන් යුතුව කටයුතු කරන ලදී.

තමන්ට එරෙහිව ලැබුණු මරණ දඩුවම සම්බන්ධයෙන් කුවේටයේ පවතින නීතියට අනුව අභියාචනා ඉදිරිපත් කළ හැකි බවද එරට බලධාරීහු කියා සිටිති.

( තිළිණි ද සිල්වා )

අල්ජසීරා / නැෂනල් ඇසුරෙනි.


RECOMMEND POSTS