බෝ නොවන රෝගවලින් 70% ක් මියයයි



ඕමානයේ සිදුවන මරණවලින් 70%ක් බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන මරණ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

බෝ නොවන රෝග හේතුවෙන්පුද්ගලයින් එකොළොස් දෙනෙක් දිනකට මිය යන බව නිවේදනයේ සඳහන් කර ඇත.

හෘද, පිළිකා, දියවැඩියාව සහ ශ්වසනරෝග ප්‍රධාන තැනක් ගන්නා බවත් හෘද රෝගවලින් 36%ක්ද, දියවැඩියාවෙන් 12.3%ක්ද, පිළිකාවලින් 9%ක්ද, ශ්වසන රෝගවලින් 2%ක් මියයන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS