ජල ගැලීම් දිගටම



කටාර් රාජ්‍යයේ දෝහා අගනුවරට ඇද හැලෙන ධාරාණිපාත වැසි හේතුවෙන් දෝහා නගරයේ ප‍්‍රදේශ රැසක් ජල ගැලීම්වලට ලක්ව ඇතැයි වාර්තාවේ.

කටාර් රාජ්‍යයට වසරක් තුළ ඇද හැලෙන සාමාන්‍ය වර්ෂාපතනය පැය 24ක් තුළ දෝහා නගරයට ඇද හැලී ඇතැයි පැවසේ.

දෝහා අගනුවර අබුහාමර් ප‍්‍රදේශයට පෙරේදා දිනයේ මිලි මීටර් 61ක පමණ වාර්තා ගත වර්ෂාපතනයක් ඇද හැලී ඇති බවත්. ඒ හමුවේ දෝහා නගරයේ ජන ජීවිතය සම්පූර්ණයෙන් ඇණ හිට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ.

මාර්ග රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් අගනුවර ගමනාගමන කටයුතු අඩපණ වී ඇතැයිද එම වාර්තා සදහන් කළ අතර නිවාස රැසක්ද ජලයෙන් යටවී ඇතැයි පැවසේ.  පාසල්, විශ්ව විද්‍යාල සහ කඩ සාප්පු රැුසක් වසා දමා ඇති අතර ජල ගැලිම් තත්ත්වය තවදුරටත් දරුණු වෙමින් පවතින බැවින් ගොඩබිම හරහා ඇති උමං මාර්ග භාවිත කිරීමෙන් වැළකී සිටින ලෙස රියදුරන් දැනුවත් කර තිබේ.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් කටාර් රාජ්‍යයේ ගුවන් ගමන් කටයුතුවලටද බාධා එල්ල වී ඇති බවත් අසල්වැසි සවුදිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය සමග පවතින රාජ්‍ය තාන්ත‍්‍රික අර්බුදය හමුවේ ඔවුන් කටාරයට සිය ගුවන් සීමාව භාවිත කිරීමට නොදෙන බැවින් කටාරය දැඩි අර්බුධයකට මුහුණ පා සිටින බවත්  පැවසේ. 

අයහපත් කාලගුණය හමුවේ කටාර් අගනුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයද තාවකාලිකව වසා දමා ඇත

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS