දින 30 කලින් විකිණිය යුතුයි



කුවේට් ජනතාව සෞඛ්‍ය අවධානම්වලින් වලක්වා ගැනීමේ අරමුණින් කල් ඉකුත් වීමට ආසන්නව ඇති ඖෂධ විකිණීම සීමා කිරීමට කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

නිදන්ගත රෝගීන්ට ඖෂධ නිකුත් කිරීමේදි, අවසන් බෙහෙත් වේල ලබාගන්නා අවස්ථාව වනවිට කල් ඉකුත් වීමේ දිනය දින තිහකට (30) කලින් විය යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝගයක් නිකුත් කර ඇත.

වෛද්‍ය නිර්දේශ නොමැතිව ඖෂධ විකිණීම ඖෂධවේදීන්ට තහනම් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS