වසර 14 පසු හමුවෙලා



වසර දාහතරකට (14) වැඩි කාලයක් වෙන් වී සිටි පලස්තීන සහෝදරයෙක් සහ සහෝදරියක් හජ් ආගමික වැඩසටහනක දී එකට මුණගැසී ඇති බව වාර්තා වේ.

වසර තිහක(30)පෙරපවුලේ සාමාජිකයන් සමඟ ලෙබනනයට ගිය බවත්, වසර තිහක කාලය තුල සහෝදරයාව දැක්කේ එක් වතාවක් පමණක් බවත්, ඔහුව දකින විට ඔහුගේ කොණ්ඩය හොඳටම සුදු වී පෙනුමට වඩා වයස පෙනෙන බව ඇය ප්‍රකාශ කළාය.

සෞදි රජු සහ මක්කම මහා පල්ලයේ භාරකාරිත්වය එක්ව සංවිධනය කළ හජ් ආගමික වැඩසටහනකින් මොවුන් දෙදෙනා හමු වී ඇති අතර ආගමික වැඩසටහනට සෞදි රජු පෞද්ගලිකව මුදල් ලබා දී ඇත. 

සෞදි රජුගේ ආගමික වැඩසටහන යටතේ 2018 වසර තුල රටවල් අනූහතරක (94) වන්දනාකරුවන් 5,300ක් හජ් ආගමික වතාවත්වල නිරත වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(සෞදිගැසට්)


RECOMMEND POSTS