සාම කතා 6 වැනි අදියර



සිරියානු රජයේ නියෝජිතයන්, සන්නද්ධ විපක්ෂ නියෝජිතයන් සහභාගී වන සිරියානු සාම කතා 6 වැනි අදියර කසක්තානයේ අස්තානා නුවරදී ආරම්භ විය.

මෙම සාම සාකච්ඡා පැවැත්වෙන්නේ සිරියානු අර්බුදයට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සෙවීමේ අරමුණ ඇතිවය.

තුර්කිය, ඉරානය සහ රුසියාවේ මැදිහත් වීමෙන්, මෙම සාම සාකච්ඡා පැවැත්වෙයි.

සිරියාවට අයත් ඉඞ්ලිබ් පළාතේ අවි ගැටුම් තාවකාලිකව නවතා දැමීමටත්, මානුෂීය ආධාර අසරණ වැසියන්ට ලබා දීමටත් සිරියානු රජයේ පාර්ශ්වයත්, ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයත් මෙහිදී එකඟත්වය පළ කළ බව වාර්තා වේ.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS