අයි.එස්. සාමාජිකයන් 27 ක් එල්ලයි



2014 වසරේ ඉරාකයේ ටික්රිට් නුවරය නුදුරින් පිහිටි ස්පෙයිසර් හමුදා කදවුරට කඩා වැදී ඉරාක සොල්දාදුවන් අමු අමුවේ ඝාතනය කළැයි චෝදනා ලැබූ අයි.එස්. ත්‍රස්ත සාමාජිකයන් 27 දෙනකු එල්ලා මරා දැමුණු බව ඉරාක රජය කියයි.

අයි.එස්. ත්‍රස්ත සාමාජිකයන් අල්ලා ගැනීම සිදුවී ඇත්තේ ද ටික්රිට් නුවර කළ දරුණු සටන්වලින් පසුව යැයි ඉරාක රජය වැඩිදුරටත් කියා සිටී. ඔවුන් වෙනුවෙන් අපක්ෂපාතී නඩු විභාගයක් ද පැවැත්විණි.

පසුගිය වසරේදී ද ස්පෙයිසර් හමුදා කදවුරේ සමූල ඝාතනය සම්බන්ධයෙන් අල්ලා ගත් අයි.එස්. ත්‍රස්ත සැකකරුවන් 36 කට මරණ දඩුවම නියම විය.

(බී.බී.සී.)


RECOMMEND POSTS