අල් සීසී දිවුරුම් දෙයි



ඊජිප්තු ජනාධිපති ලෙස, එරට ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ අබ්දෙල් ෆාටා අල් සීසී දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම් දුන්නේය.

ප්‍රචණ්ඩත්වයට සහ ත්‍රස්තවාදයට එරෙහිව දැඩි පියවර ගන්නා බවත්, ප්‍රචණ්ඩත්වය පතුරුවන කිසිවකුට කිසිදු සමාවක් ලබා නොදෙන බවත් දිවුරුම් දෙමින් අල් සීසී කියා සිටියේය.

අල් සීසී ඊජිප්තුවේ හිටපු හමුදාපතිවරයා ද වෙයි. දිවුරුම් දීම නිමිත්තෙන් අල් සීසී වෙනුවෙන්, හමුදා වෙඩි මුර පැවැත්විණි.

හමුදා ප්‍රහාරක යානා විශේෂ සංදර්ශනයක් ද පැවැත්විණි. ඊජිප්තුවේ ජනාධිපතිවරණය පැවැත්වූයේ පසුගිය මාර්තු මාසයේදීය. ඔහු සියයට 97 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගත්තේය.

(බී.බී.සී.)


RECOMMEND POSTS