පරණ ගමන් බලපත්‍රය ඉවතට



කුවේට් රාජ්‍යය භාවිතා කළ පරණ විදේශ ගමන්බලපත්‍රය 2018 ජුලි 01 දිනෙන් පසු භාවිතයෙන් ඉවත් කරන බව කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.

අලුතෙන් හඳුන්වා දී ඇති ඉලෙක්ට්‍රොනික් විදේශ ගමන්බලපත්‍රය මින් ඉදිරියට භාවිතා කරන බවත් මධ්‍යස්ථාන හයක් පිහිටුවාවිදේශ ගමන් බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීමට කටයුතු කර ඇති බවඅභ්‍යන්තර කටයුතු අමාත්‍ය, ෂයික් කලීඩ් අල්-ජරා අල්-සභාප්‍රකාශ කළේය. 

හදිසි ප්‍රතිකාර ලබාගැනීමට විදේශ රටවලට යෑමට අවශ්‍ය සහ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදි ප්‍රමුඛස්ථානය ලබාදෙන බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS