දින හතරක නිවාඩුවක්



කුවේට් ජාතික දිනය සහ විමුක්ති දිනය වෙනුවෙන් දින හතරක නිවාඩුවක් ලබාදීමට කුවේට් රජය පියවර ගෙන ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

පෙබරවාරි 23 දින සිකුරාදා සිට පෙබරවාරි 26 දින සඳුදා දක්වා නිවාඩු ක්‍රියාත්මක වන අතර 27 වැනි අඟහරුවාදා නැවත රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත.  

දින හතරක නිවාඩුව නිළ වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බව වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන්කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS