මීට පස්සේ ඇමෙරිකාව පිළිගන්නේ නෑ



ඊශ්‍රායල පලස්තීන අර්බුදයේදී මින් ඉදිරියට ‘සාම මැදිහත්කරු’ ලෙස ඇමෙරිකාවට සහභාගී විය නොහැකි බවත්, ඇමෙරිකාව මැදිහත්කරුවකු ලෙස තමන් පිළිනොගන්නා බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පලස්තීන තානාපති රියාද් මන්සූර් පවසයි.

එක්සත් ජාතීන්ගේ පලස්තීන තානාපතිවරයා මේ බව කියා සිටියේ, ඇමෙරිකා ජනපති ට්‍රම්ප්ගේ තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විශේෂ හමුවක් පැවැත් වුණු අවස්ථාවේදීය.

‘මැදපෙරදිග කලාපයේ සාමය ඇති කිරීම වෙනුවෙන් ඒ ගැන කැප වී කටයුතු කළ හැකි නායකයකු ලෙස වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම් අප පිළිගන්නේ නැහැ. මින් ඉදිරියට ඇමෙරිකාව මැදිහත්කරුවකු ලෙස කටයුතු කරනවාට අපේ කැමැත්තක් නැහැ’ යැයි රියාද් මන්සූර් පෙන්වා දී තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS