පස් නිවුන් දරු උපතක්



ඕමනයේ මස්කට් නුවර රාජකීය රෝහලේ පස්නිවුන් දරුඋපතක් සිදු වී ඇති බව ඕමාන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

එක් පිරිමි දරුවෙක් සහ ගැහැණු දරුවන් හතර දෙනෙක් පස්නිවුන් දරු උපතට අයත් වන අතර ඉපදී සුළු මොහොතකින් එක් ගැහැණු දරුවෙක් මියගොස් ඇත.

රාජකීය රෝහලේ සිදු වු පස්නිවුන් දරු උපත කලාතුරකින් සිදුවන දෙයක් බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

දරුවන් හතර දෙනා කිලෝ 1.00 සිට කිලෝ 1.20දක්වා බර ප්‍රමාණයකින් සහ යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින බව රාජකීය රෝහලේ ප්‍රකාශකයෙක් දන්වා සිටියේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS