අධි-සංවේදි ස්කෑනරයක්



සෞදි ගුවන්තොටුපලෙන්ගුවන්යානාවලට ගොඩ වීමට ප්‍රථමයෙන් ගුවන් මඟින්ගේ පාවාහන් පරීක්ෂා කිරීමසඳහා අධි-සංවේදි පාවාහන් සුපිරික්ෂකයන් (scanners) සවි කිරීමට සැළසුම් කර ඇති බවටමාධ්‍ය හමුවක් පවත්වමින් සෞදි ගුවන්තොටුපල බලධාරීන් ප්‍රකාශ කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

පාරජම්බූල කිරණ පාවාහන් වලට එල්ල කර පාවාහන් පරීක්ෂා කරන අතර නැවත ලබාදෙන තොරතුරු මත පාවාහන් තුල සඟවා ඇති ද්‍රව්‍යයන් හඳුනාගැනීමට සුපිරික්ෂකයන්ට හැකියාව ඇත.

සියලුම අධ්‍යයනයන් අවසන් වීමෙන් පසු හැකි ඉක්මනින් පාවාහන් සුපිරික්ෂකයන් ගුවන්තොටුපල තුල සවි කිරීමට අපේක්ෂා කරන බව මාධ්‍ය හමුවේදි ගුවන්තොටුපල බලධාරීන් ප්‍රකාශ කළ බව වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS