අඩු ආදායම්ලාභීන්ට නව නිවාස



අඩුඩාබියේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා උසස් ප්‍රමිතියෙන් යුතු නව නිවාස ලබා දීමට අබුඩාබියේ නගර සභා කටයුතු සහ ප්‍රවාහන දෙපාර්තමේනතුව තීරණය කර ඇත.

මෙම නව නිවාස මාසයකට ඩිරාම් 700කට අඩු වැටුපක් හිමි කර ගන්නා  පුද්ගලයින් වෙත ලබා දීමට ප්‍රමුඛතාවය හිමිවන බව එම දෙපාර්තමේන්තුව කියා සිටී.

විශේෂයෙන්ම තනිකඩ පුද්ගලයින් විසින් නීතිවිරෝධී අන්දමින් සුඛෝපභෝගී නිවාස වල කාමර වෙන් කරවා ගෙන පදිංචිව සිටීම වැළැක්වීමේ අරමුණෙන් මෙම තීරණය ගෙන ඇත.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS