ලක්ෂ 3 වඩා උල්ලංඝනය කරලා



2017 වර්ෂය තුල රතු ආලෝක සංඥා නීතිය උල්ලංඝනය කිරීම් ලක්ෂ තුන ඉක්මවා ගොස් ඇති බව කුවේට් මෝටර් රථ අධිකාරිය පසුගිය දා නිකුත් කරන ලද නවතම වාර්තාවකින් පැහැදිලි බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

රතු විදුලි ආලෝක සංඥාවලට අවනත නොවී මෝටර් රථ ධාවනය කළ කුවේට් කාන්තාවන්ගේ සංඛ්‍යාව 80,000 ඉක්මවා ගොස් ඇති අතර සමාගම් වලට අයත් රියදුන් 32,652 ක් ද සිටින බව මෝටර් රථ අධිකාරිය ප්‍රකාශ කළේය.

සියලුම රියදුරන්ට විරුද්ධව නීතිය මඟින් කටයුතු කළ බව කුවේට් පොලීසිය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS