ආහාර විස වෙලා



කුවේට් හි හවාලි නගරයේ අපන ශාලාවකින් විකුණු ආහාර විස වීම හේතුවෙන් ආපන ශාලා හිමියාට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කුවේට් ආහාර හා පෝෂණ පිළිබඳ අධිකාරිය කටයුතු කර ඇති බව වාර්තා වේ.

ආහාර විස වීමෙන් පුද්ගලයින් දෙසිය අසු හත්දෙනෙක් (287) රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

නීතිමය කටයුතු අවසන් වන තෙක් ආපන ශාලාව වසා දැමීමට ආහාර හා පෝෂණ පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත.

ආහාර පරීක්ෂකවරු ආහාර සාම්පල ලබාගෙන පරීක්ෂණාගාර වෙත යොමුකර වාර්තා ලබාගැනීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS