සේවා බලපත උපරිමය වසර තුනයි



කුවේට් රාජ්‍යය තුල පෞද්ගලික සහ තෙල් නිෂ්පාදන අංශයන් නියාමනය කිරීම සඳහා එම අංශයන් වල රැකියාවන් වල නිරත වීම සඳහා ලබා දෙන සේවා බලපත්‍රය වසර තුනක උපරිම කාල සීමාවකට ලබාදීමට කුවේට් මිනිස් බල අධිකාරිය තීරණය කර ඇති බව එම අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක සහ මහජන සම්බන්ධතා හා මාධ්‍ය අධ්‍යක්ෂ, අසීල් අල්-මේස්යාඩ් ප්‍රකාශ කළේය. 

වසර තුනෙන් පසුව කාල සීමාව දිර්ඝ කර ගනීමට අවශ්‍ය නම් අවම වශයෙන් සේවා බලපත්‍රය අවසන් වීමට මාස 6කට කලින් නැවත අලුත් කර ගත යුතු වේ.

විදේශ ගමන් බලපත්‍රය, කලින් ලබාගත් සේවා බලපත්‍රය, හඳුනුම්පත යන ලේඛනයන් වල ඡායා පිටපත් සහ කුවේට් පෞද්ගලික කම්කරු නීතියේ අංක 6/2010ට අනුව සියළුම නීත්‍යයානුකූල ලිපි ගොනු වල මුල් පිටපත් හෝ ඡායා පිටපත් සේවා බලපත්‍රය අලුත් කිරීමේදි කම්කරු අමාත්‍යාංශයටඉදිරිපත් කළ යුතු වේ. 

ඊට අමතරව, සේවා යෝජකයා හෝ බලයලත් පුද්ගලයෙකු විසින් නියමිත ගාස්තු ගෙවා අත්සන් කරන ලද ලිපි සහ අදාල අනිකුත් ලිපි ලේඛන අමාත්‍යාංශයට ඉදිරිපත් කිරීම අනිවාර්‍ය වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(arabtimesonlineපුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS