සෞදි ඉරාන අර්බුදයට ඉරාකය



සෞදිය සහ ඉරානය අතර පවතින අර්බුදය විසඳීමට මැදහත්කරුවකු වීමට තමන් සූදානම් බව ඉරාකය කියයි.

ඉරාක රජය මේ බව සෞදි රජයට දැනුම් දුන් බවත් සෞදි රජයේ කැමැත්ත ලැබුණහොත් සාමකාමී විසඳුම් සෙවීමට තමන් මැදිහත් වී කටයුතු කරන බවත් ඉරාකය කියයි.

සෞදිය සහ ඉරානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මුළුමනින්ම බිඳ වැටී ඇත. සෞදිය ප්‍රධාන වශයෙන් සුන්නි මුස්ලිම් රාජ්‍යයක් වන අතර ඉරානය ලොව වැඩිම ෂියා මුස්ලිම්වරුන් සිටින රාජ්‍යයයි.

සෞදිය සහ ඉරානය අතර ඇයිහොඳයිකම් පළුදු වී වසරකට වැඩිය. ඊට හේතු වූයේ ඉරානයේ දැඩි විරෝධය මැද, සෞදිය එරට සිටි ඉරාන ෂියා මුස්ලිම් ආගමික නායක ෂෙයික් නිමාර් බකීර් අල් නිමාර් ඝාතනය කිරීමේ සිදුවීමය.

ඉරාක අභ්‍යන්තර කටයුතු ඇමැති කසීම් අල් අරාජි පවසා ඇත්තේ ඉරානය සමඟ යළි සබඳතා ඇති කර ගැනීමට සෞදි ඔටුන්න හිමි සල්මාන් කුමරුගේ බලාපොරොත්තුවක් පවතින බවය. සෞදියේ මීළඟ රජු වනු ඇත්තේ ද මෙම මොහොමද් බින් සල්මාන් කුමරුය.

ඉරාක අභ්‍යන්තර කටයුතු ඇමැති සහ ඉරාන බලධාරීන් අතරේ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි. එහිදී, යළි සොෟදිය සමඟ සබදතා ඇති කර ගැනීමට තමන් උනන්දු බව ඉරානය ද පවසා ඇත.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS