තෙල් නැවකට පහර දෙයි



රතු මුහුදේ යාත්‍රා කරමින් තිබු සෞදි අරාබියට අයත් විශාල ප්‍රමාණයේ තෙල් නැවකට පෙරවරු 01.15ට පමණ හවුදි ගරිල්ලන් ප්‍රහාරයක් එල්ල කර ඇති බව අරාබි සභාග හමුදාව ප්‍රකාශ කළේය.

අරාබි සභාග හමුදාව ප්‍රහාරය මැඩපැවැත්වීමට උත්සහ කළත් ගරිල්ලන් එල්ල කළ ප්‍රහාරයෙන් සුළු හානියක් සිදු වී ඇති බව වාර්තා වේ.

ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරයකින් නෞකාවකට සුළු හානියක් සිදු වී ඇති බවට නෞකාව අයත් නැවි සමාගමද තහවුරු කර ඇත.

රතු මුහුදේ යාත්‍රා කරමින් තිබු නෞකාවකට ප්‍රහාරයක් එල්ල කර ඇති බවට හවුදි ගරිල්ලන්ට අයත් අල්-මසීරා රූපවාහිනී නාලිකාවේ ට්විටර් සමාජ ජාල ගිණුමේ පළ කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS