උඩදි අසනීප වෙලා



තුර්කියේ ඉස්තාම්බුල් නුවර බලා පියාසර කරමින් තිබු සෞදි ගුවන් සේවයට අයත් ගුවන්යානයක ගමන් ගත් කාන්තාවක් හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් නැවතත් අබ්දුල්ලාසිස් රජු අන්තර්ජාතික ගුවන්තොටුපලට හදිසියේ ගොඩ බැස්සවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ගුවන්නියමුවන්, හදිසි රෝගි තත්ත්වය සැලකිල්ලට ගනිමින් කාන්තාවගේ ජිවිතය බේරාගැනිමේ අරමුණින් නැවතත් ගුවන්යානය ගොඩබැස්ස වීමට කටයුතු කර ඇත. 

ගුවන්යානය ජෙඩා නුවර අබ්දුල්ලාසිස් රජු අන්තර්ජාතික ගුවන්තොටුපලට ගොඩබැස්සවීමෙන් අනතුරුව ප්‍රතිකාර  ලබාදීම සඳහා කාන්තාව රෝහල්ගත කිරීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS