සෞදි රටඉඳි හොඳයි



සෞදියේ විකිණීමට ඇති රටඉඳිවලින් වැඩි ප්‍රමාණයක් නියම ප්‍රමිතයෙන් යුත් රටඉඳි බව සෞදි ආහාර සහ ඖෂධ අධිකාරිය ප්‍රකාශ කළේය. 

කෘෂි රසායනික අවමවශයෙන් භාවිතා කර රටඉඳි වගා කිරීම සඳහා පසුගිය වසර කීපයේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර, එම වැඩසටහනට අනුව වෙළඳසැල් සහ ඇසුරුම් මධ්‍යස්ථාන තුල ඇති රටඉඳි පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට අධිකාරිය පසුගියදා කටයුතු කළේය. 

අදාල වැඩසටහන යටතේ,කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් මාලාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.

සෞදියේ නගර දාහතක(17) ඇති ඇසුරුම් මාධ්‍යස්ථාන හතලිස් දෙකකින්(42) අහඹුව ලෙස මෙම වසරේ පළමු මාස හය(06) ඇතුලත ලබාගන්නා ලද රටඉඳි සාම්පලයන් පරීක්ෂණාගාර තුල පරීක්ෂා කිරීමේදි  89.1%ක නියම ප්‍රමිතය ඇති අතර 10.9%ක නියමිත ප්‍රමාණයට වඩා රසායනික ද්‍රව්‍ය අඩංගු වී ඇති බව තහවුරු කරගෙන ඇත.

රටඉඳි සඳහා යොදාගත් වල් නාශක සහ කෘමිනාශක කීපයක් තහනම් කිරීමට සෞදි පරිසර, ජල හා කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කළේය.

උපදෙස්වලට අනුව රටඉඳි වගා කරන ලෙසත්, රටඉඳි ඇසුරුම් කිරිමේදි නිසි ප්‍රමිතියෙන් යුතු බවට දැක්වෙන ස්ටිකරයක් ඇලවිය යුතු බවට අධිකාරිය නියෝගයක්ද නිකුත් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS