හැඩය වෙනස් කළොත් නඩු



මෝටර් රථවල හැඩය නීතිවිරෝධි ආකාරයෙන් වෙනස් කර ඕමානයේ මාර්ගවල ධාවනය කළ මෝටර් රථ  දහතුනක් (13) ඕමාන් රාජකීය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෝටර් රථවල හැඩය වෙනස් කර, අධික වේගයෙන් ධාවනය කිරීමට සහ නීතිවිරෝධි ක්‍රියා සිදුකිරීම සඳහා යොදාගන්නා බවත් පදිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා එම මෝටර් රථ අත්අඩංගුවට ගැනීමට ඕමාන් රාජකීය පොලීසිය කටයුතු කර ඇති බව ඕමාන් ඔබ්සවර් වෙබ් අඩවිය වාර්තා කළේය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ඕමාන් රාජකීය පොලීසිය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS