වීසා නැතිව කටාර් එන්න අවසර



සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් කලාපීය රටවල් විසින් හුදෙකලා කරනු ලැබූ කටාර් රාජ්‍යය නිවේදනය කර ඇත්තේ රටවල් 80 ක වැසියන්ට වීසා නොමැතිව කටාරයට පැමිණීමට ඉඩ ලබා දී ඇති බවය.

මේ බව නිවේදනය කළේ කටාර් සංචාරක අමත්‍යාංශයයි. ඒ, දෝහා නුවර පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

රටේ ආර්ථික වර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් මෙම තීරණය ගත් බව කටාර් සංචාරක අමත්‍යාංශය වෙනුවෙන් එහි නිලධාරී හසාන් අල් ඊබ්‍රහිම් මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.

කටාර් රාජ්‍යයේ අසල්වැසියා වන්නේ සෞදියයි. ඊට අමතරව බහරේනය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද කටාර් රාජ්‍යයට සම්බාධක පැනැවීමට කටයුතු කර ඇත. සම්බාධක හේතුවෙන් කටාරය හුදෙකලා වී සිටී.

සෞදිය කටාර් රාජ්‍යය සමඟ සබඳතා නවතා දැම්මේ කටාර් විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙනි. ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවටත්, අන්තවාදයට උඩගෙඩි දෙන බවටත් කටාරයට චෝදනා එල්ල වී ඇත.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS