කොඩි දිනයේ විශේෂ ප්‍රකාශයක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය නොවැම්බර් 01 දින ජාතික කොඩි දිනය උත්සවාකාරයෙන් සැමරූ බව වාර්තා වේ.

එමිරේට්ස් ජාතික කොඩිවල මිල ගණන් වැඩි කර ලාභය ඉපයීමට උත්සහ නොකරන ලෙස සියලුම වෙළඳ ආනතනවලට එමිරේට්ස් උප-ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ ඩුබායි පාලක, ෂයික් මොහොමඩ් බින් රෂිඩ් අල්-මක්ටුම් විශේෂ ප්‍රකාශයක් කරමින් නියෝග කර ඇත.

අදාල නීතිය උල්ලංඝනය කරන පුද්ගලයන්ට විරුද්ධව එමිරේට්ස් ඩිරාම් 5,000 සිට 100,000 දඩ මුදලක් නියම කරන බව ආර්ථික අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

දෙසැම්බර් 02 දිනට යෙදෙන ජාතික දිනය තෙක් සියළුම වෙලඳසැල් පරීක්ෂාවට ලක් කරන බව පාරිභෝගික ආරක්ෂණ අධ්‍යක්ෂ, ආචාර්ය හෂීම් අල් නුවාමි ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS