ඉරාන ජනපති ජෝර්දානයේ රජු හමුවෙලා



ඉරාන ජනාධිපති හසන් රොව්හානි සහ ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජු අතර සුහඳ හමුවක් තුර්කියේ දී පැවැත්විණි.

ඒ, ඔවුන් දෙදෙනාම තුර්කියේ ඉස්තාම්බුල් නුවර ආරම්භ වුණු ඉස්ලාමීය සහයෝගීතා සමුළුවට සහභාගීවීමට පැමිණි අවස්ථාවේදීය.

ජෝර්දානය ඇමෙරිකාව සමඟ මිතුදම් පවත්වන බටහිර හිතවාදී රාජ්‍යයක් ලෙස සැළකෙයි. ඉරානය සහ ජෝර්දානය අතර සබඳතා පළුඳු වී ඇත්තේ ඒ නිසාය.

ඉරාන ජනාධිපතිවරයකු සහ තුර්කි රජු අතරේ මේ අයුරින් හමුවක් පැවැත්වූයේ වසර 15 කට පසුවය. අවසන් වරට ජෝර්දාන රජු ඉරාන ජනාධිපතිවරයකු හමුවූයේ 2003 වසරේදීය. ඒ වනවිට ඉරානයේ ජනාධිපති ලෙස කටයුතු කළේ මොහොමද් කටාමීය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS