පඩිය වෙලාවට



ඕමාන් මිනිස් බල අමාත්‍යාංශය අලුතින් හඳුන්වා දී ඇති සේවක වැටුප් ආරක්ෂණ ක්‍රමයට අනුගත වීම සඳහා පෞද්ගලික අංශයේ ආයතනයන්ට මාස 3ක කාලයක් ලබා දී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ අඩවිය වාර්තා කළේය.

කිසිදු ප්‍රමාදයකින් තොරව සියළුම සේවකයින්ට නියමත වේලාවට වැටුප් ලබාදීම සඳහා නව ක්‍රමය හඳුන්වාදීමේ මුලික අරමුණ බව ඕමාන් මිනිස් බල අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

නව සුත්‍රයකට අනුව සේවක වැටුප් ආරක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා මිනිස් බල අමාත්‍යාංශ සහ ඕමාන් මහබැංකුව සහයෝගයෙන් ක්‍රියාකරන බව වාර්තා වේ. 

සේවක වැටුප් ආරක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව සියළුම පෞද්ගලික අංශයේ සමාගම් දැණුවත් කිරීම සඳහා අමාත්‍යාංශය මේ වන විටත් පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS