ඉරාක අගමැති හරස් වෙයි



ඉරාක සටන් බිමට පැමිණි ඉරාන ෂියා මුස්ලිම් සටන්කාමීන් වහාම ඉරානයට යා යුතු බවටත්, එසේ නොයන්නේ නම් ඔවුන් අවි බිම දමා යටත් විය යුතු බවටත් ඇමෙරිකා රාජ්‍ය නායක රෙක්ස් ටිලර්සන් කළ ප්‍රකාශයට ඉරාක අගමැති හයිදර් අල් අබාදි සිය විරෝධය පළ කර ඇත.

ඉරාක අර්බුදය සම්බන්ධයෙන් සහ ඉරාකයට පැමිණ සිටින විදෙස් සටන්කාමීන් සම්බන්ධයෙන් ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා අදහස් දක්වා සිටියේ සෞදියේ රියාද් නුවරදීය.

රාජ්‍ය ලේකම්වරයා කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ඉරාක අගමැති පවසා ඇත්තේ, අයි.එස්. හෙවත් දයේෂ් තක්ෆීරී ත්‍රස්තවාදීන් පරාජය කිරීමට ඉරාකයට හැකියාව ලැබුණේ ඉරාන ෂියා සටන්කාමීන් සහ කුර්දි සටන්කාමීන්ගෙන් බවය.

එම සටන්කාමීන්ගේ සහාය සහ අනුග්‍රහය තම රජයටත් හමුදාවටත් ඉතා වටිනා බව අගමැතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය. එහෙයින්, එක රැයින් ඔවුන් පන්නා දැමීම කළ නොහැකි බව ද අගමැතිවරයා පවසා තිබේ.

මේ වනවිට කලාන්තරයක් පස මිතුරන් වුණු ඉරාකය සහ ඉරානය අතරේ යහපත් සබඳතා පවතී. ඊට මඟ පෑදුණේ ද ඉරාකයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන අයි.එස්. සුන්නි මුස්ලිම් ත්‍රස්තවාදීන්ය.

(රොයිටර්)


RECOMMEND POSTS