බේරා ගැනීම් ඇරැඹේ



සිරියාවේ කෙෆ්රායා සහ අල්ෆෝආ යන පළාත්වල කොටු වී සිටින සිවිල් වැසියන් එම පළාත්වලින් බේරා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බස් රථ යොදවා ඇතැයි සිරියානු රජය පවසයි.

කෙෆ්රායා සහ අල් ෆෝආ යන නගර ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පවතින්නේ 2015 වසරේ සිටය.

නගරය මුදා ගැනීමට සිරියානු රජයේ හමුදා සටන් ආරම්භ කර ඇත්තේ, ඔවුන්ට සහාය දක්වන සටන්කාමී කල්ලි සාමාජිකයන්ගේත්, රුසියානු හමුදා සොල්දාදුවන්ගේත් සහාය ඇතිවය.

කෙෆ්රායා සහ අල් ෆෝආ පළාත්වල වැසියන් බොහෝ දෙනකු එම ගැටුම් හේතුවෙන් මියගොස් ඇති බව ද පැවැසෙයි.
කෙසේ නමුත් ත්‍රස්තවාදීන් සමඟ සාකච්ඡා පවත්වා, කුඩා දරුවන්, කාන්තාවන්, තුවාල ලැබූවන් ආරක්ෂිත ප්‍රදේශවලට යොමු කිරීමට සිරියානු රජයේ හමුදා සමත් වී ඇතැයි පැවැසෙයි.

මේ සඳහා බස්රථ 88 ක් සහ ගිලන් රථ රැසක් යොදා ගෙන ඇති බව ද වාර්තා වේ. සිරියානු රජය පවසා ඇත්තේ ත්‍රස්තයන්ගේ ග්‍රහණයේ සිටින 6,300 ක පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යෑමට කටයුතු කරන බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS