නැවත රැකියා කරන්න පුළුවන්



ඉන්දුනීසියානු ගෘහ සේවිකාවන්ට නැවත සෞදි අරාබියේ රැකියා කිරීමට අවස්ථාව හිමිවන බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

සෞදි කම්කරු හා සමාජ සංවර්ධන අමාත්‍ය, අහමඩ් බින් සුලෙයිමාන්අල්-රජිහි සහ ඉන්දුනීසියානු මිනිස්බල හා සංක්‍රමණික අමාත්‍ය,මොහොම්ඩ් හනීෆ් දාකිරි අතර ගිවිසුමක් ජකර්තා අගනුවරදී අත්සන් කර ඇත.  

ඉන්දුනීසියානු ගෘහ සේවිකාවන් රැකියා සඳහා යැවීම, බඳවා ගැනීම, අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ පහසුකම් සැපයීම පහසු කිරීම සඳහා රටවල් දෙකේ අමාත්‍යාංශ දෙක එකට සම්බන්ධ කරමින් විද්‍යුත් පද්ධතියක් ආරම්භ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS