වීසා ගාස්තු ගෙවීම් අලුත් විදියකට



ඕමානයේ විසා අලුත් කිරීමේදි ගෙවිය යුතු මුදල් ගෙවීම් නොවැම්බර් 04 දින සිට ඩිජිටල්කරණ කළ බව ඕමාන් රාජකීය පොලීසිය නිවේදනය කළේය.

ඒ අනුව, ප්‍රමාද ගාස්තු ඇතුළුව, ගෙවියයුතු සියළුම ගාස්තු අන්තර්ජාලයේ ඇති පොරමය පුරවා භාර දෙන අවස්ථාවේදීම මහජන සම්බන්ධතා නිලධාරියෙක්ට ගෙවිය හැකි බව පොලීසිය ප්‍රකාශ කළේය.

සේවකයාගේ විදේශ ගමන් බලපත්‍රය සහ අදාල ලියකියවිලි (සත්‍ය පිටපත්)විදේශ ගමන් බලපත්‍ර හා පදිංචි කිරීමේ අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයට භාර දිය යුතු වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS