කාර් කොල්ලකෑ හොරා අල්ලයි



මෝටර් රථ කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ඕමාන රාජකීය පොලීසිය සමත්වී ඇත් බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ඕමානයේ අල්-කොඩ් ප්‍රදේශයේ නවති තිබු වාහන කීපයකට හිතාමතා හානි සිදුකර වාහන තුල තිබු භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුට චෝදනා එල්ල වී තිබේ. 

තමන් සියළුම අපරාධ වලට සම්බන්ධ බවට පොලිස් පරීක්ෂණ වලදී පාපොච්ඡාරණය කර ඇති අතර නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සැකකරුව අදාල බලධාරීන්ට බාරදුන් බව ඕමාන රාජකීය පොලීසියට අයත් ට්විටර් සමාජ ජාල ගිණුමේ පළ කර තිබු බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS