සෞදි රජුගෙන් චෝදනා



ගල්ෆ් කලාපයේ කටයුතුවලට බලපෑම් එල්ල කරන බවට 29 වැනි ගල්ෆ් සමුළුව අමතමින් සෞදි රජු ඉරානයට චෝදනා එල්ල කළේය.

“ අපි ඉරානය සහයෝගය ලබාදෙන ත්‍රස්තවාදී කටයුතු සහ ගල්ෆ් රටවල්වල කටයුතුවලට මැදිහත් වීමට දරණ උත්සහය දැඩි ලෙස හෙළා දකිනවා.’’ යනුවෙන් සෞදි රජු සමුළුවේදි ප්‍රකාශ කර ඇත.

ඇමරිකානු ජනාධිපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස නම් කිරීම සහ ඇමරිකානු තානාපති කාර්යාලය පිහිටු වීමට ගත් තීරණය සෞදි රජුගේ දැඩි දෝෂදර්ශනයට ලක් වී ඇත.  

නැවත නැවතත් ඩෙනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය හෙළාදකින බවත් නැගෙනහිර ජෙරුසලම පලිස්තීන භූමියේ අත්‍යාවශ්‍ය කොටසක් බව සෞදි රජු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් එන්ලයින්)


RECOMMEND POSTS