පොදු සමාකාලය දීර්ඝ කරයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ප්‍රකාශයට පත් කර ඇති පොදු සමාකාලය දීර්ඝ කර ඇති බව වාර්තා වේ.

අගෝස්තු 01 දින ප්‍රකාශයට පත් කළ පොදු සමාකාලය ඔක්තෝබර් 31 දිනෙන් අවසන් වීමට තියමිතව තිබුණත් 2018 දෙසැම්බර් 01 දින දක්වා දීර්ඝ කිරීමට කටයුතු කළ බවඅනන්‍යතාවය හා පුරවැසිභාවය පිළිබඳ ෆෙඩරල් අධිකාරියේවිදේශිකයන් සහ වරාය කටයුතු පිළිබඳ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්, සෙයිඩ් රකන් අල් රෂිඩි ප්‍රකාශ කළේය.

විශලා පුද්ගල සංඛ්‍යාවක් මධ්‍යස්ථාන නවයකට අයත් පෝලිම්වල රැදී සිටීම හේතුවෙන් පොදු සමාකාලය දීර්ඝ කිරීමට කටයුතු කළ බවත් අවශ්‍ය ලිපිලේඛන ඉදිරිපත් කර පොදු සමාකාලය තුල නීත්‍යානුකූලභාවය ලබාගන්නා ලෙසවැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලීමක් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS